විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් හා නවසීලන්ත විදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යවරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නවසීලන්තයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟත්වය පළ කළ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්