දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ‘පද්ම භූෂන්’ කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා ‘ශ්‍රී ලංකාවට සහය දැක්වීමට’ කැමැත්ත පළ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් විසින් කරන ලද ආරාධනයකට අනුව, කමල් හසන් ඇතුළු පිරිස පළමු වරට චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ඉරිදා (24) පැමිණ තිබේ.

සංචාරය අතරතුර, කමල් හසන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ඔවුන් සිනමා කර්මාන්තය ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කොට තිබුණි

උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කමල් හසන්ගෙන් ඉල්ලා සිටියේ රටේ සංචාරක ක්ෂේත්‍රය නංවාලනු ලබන චිත්‍රපට සහ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

තවද, කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා ‘ශ්‍රී ලංකාවට සහය දැක්වීමට’ කැමැත්ත පළ කර තිබුණි.

 

මෙන්න බලන්න තවත් පුවත්