
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි ශෂී වීරවංශට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබා දී තිබෙනවා.
පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයට වසර දෙකක සිර දඬුමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ශෂී වීරවංශගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ගොනුකර ඇති අතර එය අද කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය සිදුකර තිබෙනවා.