ගාලුමුවදොර වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම් සහ මළ සිරුරු සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් වාර්තා වූ වෙඩි තැබීම් පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කොට ඇති අතර එවැනි සිරුරු තිබීම මහජනතාවගේ භීතියට හේතු වී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.

නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය පවත්වා ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම සඳහා මෙම කරුණු දෙක කඩිනමින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත අවධාරණය කර ඇත.

source – dailymirror

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්