හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධයක් සිදු වූව හොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති හෙයින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය එහිදී සඳහන් කර තිබේ.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්