සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව  ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය වගවීම, විනිවිදභාවය සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකිරීම උදෙසා සෑම තරාතිරකම ශ්‍රීලාංකීය ජනතාව දහස් ගණනින් වීදිවලට පැමිණ ඇති බව කියා සිටි ඇය මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බවත් සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සැලසීම උදෙසා සියලු පාර්ශව සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කළ යුතු බවත් ඇය සදහන් කරයි.

එමෙන්ම ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ විරෝධතාවලට අදාළව දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඇය සිය නිවේදනය මඟින් ඉල්ලා සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්