මේ දිනවල පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ව්‍යාජ කාල සටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය පැවැත්වෙන සෑම දිනකම උදෑසන කාලයේදී විභාගය උදෑසන 08 යි 30 ට ආරම්භ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිකුරාදා දිනය හැර අනෙක් දිනවල සවස් වරුවේ විභාගයන් සවස 02 ට ආරම්භ වනු ඇති බව සෑම විභාග අපේක්ෂකයෙකුටම දන්වා සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ නිවැරදි කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්ත්මේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා.

මෙන්න බලන්න තවත් පුවත්