
අද (20) පැය 3 කට වැඩි කාලයක් විදුලිය කප්පාදුව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදුව සිදු කෙරෙනු ඇති අතර A, සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි විනාඩි 20 ක් හා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදුව සිදුවෙයි.
වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 20 ක කාලයකි.