අද (22) උදෑසන වැල්ලවත්ත විවේකානන්ද පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ඉදිකරමින් පවතින සිව්මහල් නිවාස සංකීර්ණයේ පින්තාරුකරුවෙකු ලෙස සේවය කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවත් වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්