වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර  විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

8 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව වැඩ බලන  ජනාධිපතිවරයා ලෙස පත් වූ තමා මෙරට ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කිරීම සඳහා පියවරයන් කිහිපයක් ගැනීමට තීරණය කළ බව කියා සිටි ඔහු එහිදි දක්වා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට තමා කටයුතු කළ බවයි.

එමෙන්ම රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා වහාම කටයුතු කරන බව කියා සිටි වික්‍රමසිංහ මහතා, එළඹෙන 20 වනදාජනාධිපති තේරීමේ චන්දයේදි මන්ත්‍රීවරුන්ට බලපෑමකින් තොරව තම මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමටද කටයුතු කරන බව කියා සිටියේය. 

තවද කැරළිකරුවන් හා අරගලකරුවන් අතර වෙනසක් ඇති බව කියා සිටි ඔහු, කැරළිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ආරම්භයේ පටන් අරගලය හා සම්බන්ධව සිටි බොහෝ අය කඩාකප්පල්කාරි ක්‍රියාවන්ට එරෙහිව සිටින බැවින් ඔවුන් සමග එක්ව නීති හා සාමය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳි සිටින බවත් සඳහන් කළේය.

එමෙන්ම තමා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳි සිටින බවද, එයින් පිටත කටයුතු කිරීමට ඉඩ නොදෙන බවද කියා සිටි නව වැඩ බලන ජනාධිපතිවරයා තව දුරටත් දක්වා සිටියේ, ජනතාව වෙත ඉන්ධන විදුලිය ජලය මෙන්ම ආහාර හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්