මෙරට ජනතාවගේ ජීවනබර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබාදීමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

 

ලබන අගොස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමටත් ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව හා කඩිනමින් ලබාදීමටත් ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරදීමටත් මෙම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

සාමකාමී අරගල නායකයින් විසින් භාරදී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

එමෙනම දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුමිදෙන බවද වැඩ බලන ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඊයේ (16) උදෑසන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණ ගෙන තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්