වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා යොමු කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කර තිබේ.

ඒ මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී .

අධිකරණ වාර්තාකරු සඳහන් කළේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තුන්දෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා යොමු කරන ලෙස නියෝග කොට තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්