ඉඩම් ගනුදෙනුවකට අදාළව ව්යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අමාත්ය ප්රසන්න රණතුංග වැරදකරු බව කොළඹ මහාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අමාත්යවරයාට වසර 5කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇති අතර රුපියල් මිලියන 25ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළා.

තවද සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අමාත්යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ තවත් අයෙක් නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්රධාන අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මීතොටමුල්ල ප්රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්ය අනුමැතිය දීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත්කර දීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්