
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆොල්කන්ස් කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග තෝරාගෙන ඇත.
කැන්ඩි ෆොල්කන්ස් කණ්ඩායම් කළමණාකාරිත්වය විසින් මේ බව නිවේදනය කර තිබේ.
වනිඳු හසරංග ලොව දක්ෂතම දඟ පන්දු යවන්නෙකු වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් විස්සයි විස්සේ පන්දු යවන්නන් අතර ශ්‍රේණීගත කිරීමේ පළමු ස්ථානයේ රැඳි සිටීමට සමත් වූ අයෙකි.