රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවයෙන් මිදීමටත්, ජනතාවගේ මූලික අවශ්‍යතා සහතික කරමින් සෞඛ්‍ය ඇතුළු සෑම අංශයක්ම යථා තත්ත්වයට පත් කිරීමට ස්ථිර විසඳුම් ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සදහන් කරයි.

 

රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ රටේ පවතින දූෂිත හා අසාර්ථක දේශපාලනය වෙනස් කර රටේ පවතින ආර්ථික, දේශපාලන සහ සමාජීය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සහ වර්තමානයේ රට තුළ පවතින විදුලි ඉන්ධන, ගෘහස්ථ ගෑස් අර්බුදවලින් ගොඩ ඒමට මගක් සෙවීමට බව GMOA මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලබගේ මහතා ප්‍රකාශ කරයි.

ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ එම ඉලක්ක සපුරා ගැනීමට ඇති උනන්දුව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් රට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් තිබෙන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදීමට මෙතෙක් අවසර දී නොමැති බවත් ඔහු කියා සිටී.

එම නිසා සෞඛ්‍ය සේවකයින්ට සිය රාජකාරි සඳහා වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් රෝහල් ක්‍ෂේත්‍රය ඇණහිටීමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

source – Dailymirror

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්