පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (29) සවස වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කරනු ලැබුවා.

අදාළ නිලධාරියා මහරගම පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර පහරකෑමට ලක්ව ඇති පුද්ගලයා ලොරි රථ රියදුරෙක් බවට අනාවරණය වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්