කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලැබ සිටින 5800 පමණ පිරිසක් ඉදිරි මස හය තුල එරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට එකඟතාව පළවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කර තිබේ.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සමග පැවති සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

මේ අනුව එළබෙන සතියේ සිට එක් ගුවන් යානයකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන්පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කර සිටී.

එසේම කොරියානු රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලංකාවට ලබාදීම කෙරෙහිද මනූෂ නානායක්කාර අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේ දී සිදුකළ ඉල්ලීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිතවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.

 

 

මෙන්න බලන්න තවත් පුවත්