
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
එම ට්විටර් ගිණුමේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය’ තමා ප්‍රතික්ෂේප කරන බවයි.