ලංකාවට මුදල් එවන විදේශ ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාවට මුදල් එවන විදේශීය ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

වසරකට ඩොලර් 100,000 ක මුදලක් ප්‍රේෂණය කළ පුද්ගලයින් සඳහා වාහන ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සහ යම් බදු සහනයක් ලබාදීමට අදාළ යෝජනාවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ඔවුන් සඳහා විශේෂ වරප්‍රසාද කාඩ් පතක් හඳුන්වාදීමටද කටයුතු කරන අත​ර ඒ හරහා පෞද්ගලික රෝහල් ඇතුළු ආයතන රැසකින් වට්ටම් ලබා ගැනීමේ හැකියාව ලබාදීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඇති වන ගැටලු පිළිබඳ අමාත්‍යංශය දැනුවත් කිරීමට විශේෂ දුරකතන අංකයක්ද හඳුන්වාදුන් අතර, ඒ අනුව 0777442500 යන දුරකථන අංකයට WhatsApp පණිවුඩ යොමු කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්