අමෙරිකානු රූ රැජිනක් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වී තිබුණා.

ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි තට්ටුවේ සිටින අයුරු සමහරු දැක තිබෙනවා.

එය සිය දිවි නසාගැනීමක් බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ​සඳහන් කළා. ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියා.

“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදීයි.

මෙන්න බලන්න තවත් පුවත්