ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ITN පරිශ්‍රයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක පියවරක්‌ ලෙස සිය ගණනක්‌ භට පිරිසක්‌ යොදවා තිබෙන බව වාර්තා වේ.

 

අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හෙට දිනයේ ලබා දීමට නියමිත ප්‍රකාශය සජීවී විකාශය කරන ලෙස අරගලයේ ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් සහ ITN ආයතනයේ කළමනාකාරිත්වය විසින් ඉල්ලා සිටියද ඔවුන්ගේ එම ඉල්ලීම් දෙඅංශයේම කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කර තිබුණ බවයි. ඒ හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ සහ ITN පරිශ්‍රයේ ආරක්‍ෂාව තරකර තිබුණ බව වැඩිදුරටත් සදහන් වේ.

source – dailymirror

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්