ලංකාවට ඉදිරියේ දී රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී එම තීරණය ගැනීමට සිදුවන බව අගමැතිවරයා සඳහන් කර සිටී .විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කර ඇත.

කෙසේවෙතත් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ, තමන් පෞද්ගලිකව රුසියානු තානාපතිවරයා මුණගැසුණු අවස්ථාවේ රුසියානු රජය හරහා ඉන්ධන ණය පහසුකම් ලබා නොදෙන බවට ප්‍රකාශ කළ බවය.

මෙන්න බලන්න තවත් පුවත්