බ්‍රිතාන්‍යයේ සාප්පු සංකීර්ණයක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන බි.බී.සී පුවත් සේවය වාර්තා කර සිටිනවා.

එහි සංචාරයක නිතර වූ බී.බී.සී පුවත් සේවයේ මාධ්‍යවේදියකු වූ රිකාර්ඩෝ සෙන්රා හට වෙළඳසලක විකිණීමට තබා තිබූ ස්ටර්ලිං පවුම් 160 ක කොස් ගෙඩියක් නෙත ගැටී ඇත.

ඔහු මෙම කොස් ගෙඩියේ ඡායාරූපයක් ගෙන ඔහුගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ ඇතුළත් කර ඇත.

මෙසේ රුපියල් 44130 කට කොස් ගෙඩියක් විකිණීමට තබා ඇත්තේ බි‍්‍රතාන්‍ය යේ පැරණිතම සහ විශාලතම බරෝ පොදු වෙළඳ සංකීරණයේ වෙළඳසැලක් තුළය. ට්වීටර් පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් මින් විමතියට පත් වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිවර්තන කලාප රටවල සිටින පුද්ගලයන් කොස් විකුණා බිලියන පතියන් වීමේ අදහසින් බ්‍රිතාන්‍යයට පැමිණෙනු ඇති බවයි.

බොහෝ රටවල ගස්වල තිබෙන කොස් ගෙඩි අපතේ යන විට බි‍්‍රතාන්‍යයේ කොස් ගෙඩියක් මෙතරම් මිලකට අලෙවි වන්නේ ඇයිදැයි ට්විටර් පරිශීලකයන් ප‍්‍රශ්න කර සිටියි.

 

මෙන්න බලන්න තවත් පුවත්