රුපියල් මිලියන 30 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 කට වැඩි ප්‍රමාණයක් (මෙතම්ෆෙටමින් ක්‍රිස්ටල්) සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

 

ඒ ඊයේ වත්තල ප්‍රදේශයේදී .

සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්