derana news
 

ඇඟඵම් කර්මාන්තශාලාවකට රෙදි ප්‍රවාහනය කල කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්කල ලොරි රථයක් අද (30දා) අඵයම දංකොටුව යෝගියාන මන්සන්ධිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරලී තිබේ.

ලොරි රථය පාලමේ පැති බැම්ම කඩාගෙන ඇළට පෙරලී තිබන බව දංකොටුව පොලීසිය පවසයි.

අවිස්සාවේල්ල සිට දංකොටුව තඹරවිල ප්‍රදේශයේ පිහිටි ඇඟඵම් කර්මාන්තශාලාවකට රෙදි ප්‍රවාහනය කල ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

රියදුරු සුඵ තුවාල ලබා තිබෙන නමුත් අනතුරින් ලොරිරථයට දැඩි හානි සිදුව තිබෙන අතර පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ ලොරි රථයේ රියදුරුට නින්දයෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පහල කරන බවය.

දංකොටුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මෙන්න බලන්න තවත් පුවත්