දැනට පවතින ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන අයගේ අවශ්‍යතා ඉටු කරන බව ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කියා සිටි.

වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් .

සාමකාමී නිහඬ විරෝධතා පවත්වන අයට සවන් දීමට සූදානම් බව කියා සිටි ඔහු අවධාරණය කළේ ගැටුම් ඇති කර ගන්නා පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් සූදානම් බවයි.

ගැටුම්කාරී දේශපාලනය අවසන් කර පාර්ලිමේන්තුවේ සියලු දෙනා සමඟ වැඩ කරන බවටත් ඔහු ප්‍රතිඥා දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

රාජපක්‍ෂලා ඔහුගේ මිතුරන්ද යන්න විමසූ විට ඔහු පැවසුවේ ඔවුන් එසේ නොවන බවයි. ඔහු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ වැඩ කර තිබෙන බවත් ඇය එක පක්ෂයක සහ ඔහු තවත් පක්ෂයක බවත් ඔහු පෙන්වා දුනි. වෙනත් දේශපාලන පක්‍ෂ සමඟ කටයුතු කළ පමණින් ඔවුන් ඔහුගේ මිත්‍රයෝ නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පුද්ගලයා එම ධුරය භාරගත යුතු බවට ඔහු විශ්වාස කරන බවයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්