
පමුණුගම, උස්වැටකෙයියාව ප්රදේශයේදී මුහුදු රළ පාගමින් සිටි තරුණියක් රළ පහරට හසුවී මුහුදට ඇදීගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ, ඇය තවත් පිරිසක් සමග උස්වැටකෙයියාව ප්රදේශයේ හෝටලයක පැවති උත්සවයක් සඳහා පැමිණ හෝටලය පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී අධික රළ පහරට හසුවී අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි කඩවත, බියන්විල ප්රදේශයේ පදිංචිකාරිනියක්.
පමුණුගම පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.