
බැලූ බැල්මට නොපෙනෙන පරිදි ත්‍රිරෝද රථයක සැකසූ රහස් ඉන්ධන ටැංකියක් දැක්වෙන විඩියෝවක් අද (25) සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබුණි.
ඒ අනුව වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාගත හැකි පරිදි ත්‍රීරෝද රථයේ ඇතුළත බූලියක් භාවිත කරමින් අතිරේක ටැංකියක් සකස් කර ඇති බව එහිදී නිරීක්ෂණය විය.
.
මේ අතර මාතලේ දිස්ත්‍රිකයේ ඉන්ධන පිරවුම්හල් පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් අද කටයුතු කර ඇත. එහිදී පෙට්‍රල් ලීටර් 1,400ක් හා ඩීසල් ලීටර් 1,600ක් එහි සඟවා ඇති මාතලේ උකුවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් එම නිලධාරීන්ට සොයා ගත හැකිව තිබුණි.