රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දී ඇත.

කතානායකවරයා විසින් ඊයේ එනම් ජුලි 14 වන දින සිට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව දන්වා සිටීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මෙලෙස වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ලදි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්ව යෑමත් සමග හිස්වූ ධූරය සඳහා නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම එළඹෙන 20 වෙනිදා සිදුවනු ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්