දෙමළ ජාතික සන්ධානයේ (TNA), සමගි ජන බලවේගයේ (SJB) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP)මන්ත්‍රීවරුන් කොටසක් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

 

ඔහු කියා සිටියේ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහු ජයග්‍රහණය කරනු ඇති බවයි.

එය රහසිගත ඡන්දයක් බවත්, ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට සිය පක්ෂ තීරණය කළත් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන බවට සමහර SJB, TNA සහ SLFP මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්ම සහතිකයක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්