රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

යන්න කලින් රනිල් එක ඉල්ලීමක් කරයි

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව සෘජුවම ප්‍රකාශ කර තිබේ. ඒ ඔහුගේ නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි.

“සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතුළුව රජයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයක් සඳහා මග සලසන ලෙස අද පක්ෂ නායකයන් කළ හොඳම නිර්දේශය මම පිළිගනිමි. ඒ සඳහා පහසුකම් සැලසීමට මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ එහි සටහන් කර ඇත.

එමෙන්ම මෙම රජය ඉවත වූ සැනින් නව රජය දිවුරුම් දිය යතු බවද හෙතෙම අවධාරණය කරයි. ඒ ජාත්‍යන්තර නියෝජිතයින් ශ්‍රී ලංකාවට සහන සැලසීමට පවත්වන සාකච්ඡා එලැඹෙන සතියේ ආරම්භවන බැවිනි.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්