
අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහත සිය ධුරයෙන් වහා ඉවත් නොවුණහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්රී ලංකා නිදහස් පක්ෂය සදහන් කරයි.
ඒඅනුව වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා පියවර ගත යුතු බවත් අග්රාමාත්යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා කියා සිටී.
අරගලයේ නිරත පිරිසට විසදුමක් ලබාදිය හැක්කේ අග්රාමාත්යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පමණක් බවත් පැවසූ ඔහු පෙන්වා දුන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අග්රාමාත්ය ධූරයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉවත් විය යුතු බවයි.