අධිකරණයට අපහාස කිරීම නිසා වසර 04 ක කාලයක් සඳහා බරපතල සිර දඬුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක ගේ මන්ත්‍රීධුරය ලබන මාර්තු 18 දක්වා එලෙසම පවත්වා ගෙන යන ලෙස අභියාචනාධිකරණය අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කර සිටියා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරිමට එරෙහිව රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම අද දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්