නීතිවිරෝධී ලෙස රත්‍රං ඇතුළු තහනම් භාණ්ඩ තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණ ඇති බව පොලීසිය සදහන් කරයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදීයි .

සැකකරුවන් පැළඳ සිටි සහ ඔවුන්ගේ ගමන් මලුවල සඟවා තිබූ කිලෝග්‍රෑම් 3.158 ක් බරැති රන් ආභරණ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඔවුන්ගේ ගමන් මල්ලේ සඟවාගෙන සිටි අයිෆෝන් 39ක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් හය දෙනාගෙන් සිව්දෙනා අවුරුදු 45, 48, 50 සහ 51 යන වයස්වල පසුවන අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර මීගමුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචි 40 සහ 41 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනායි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ රේගු දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්