ඉන්ෆ්ලුවන්සා රෝගය හේතුවෙන් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇති බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් කලවාන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට පැතිර යන මෙම වෛරස් තත්ත්වය ඉන්ෆ්ලුවන්සා “A” වෛරසය බවට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්