ජූලි 25 වැනිදා සිට QR කේතය යටතේ රට පුරා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඉන්ධන බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය බ්‍රහස්පතින්දා (21) සිට ඉරිදා (24) දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක කරන බවත් ඊයේ පස්වරු 4.00 දක්වා QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවත් ඔහු කියා සිටී.

ඒ අනුව දැනට පෝලිම්වල ඇති වාහන ඉවත් කිරීමට නොහැකි නම් අදාළ දිනයට පමණක් ඉන්ධන ලබාදී ඉවත් කිරීමට තීරණය කළ අතර එම අංකයට අදාළ අංක සහිත වාහන සඳහා පමණක් ඉන්ධන ලබාදීමට ආරක්ෂක අංශ තීරණය කළ බව ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ක්‍රියාවලියට අවනත නොවන පුද්ගලයින්ට ඉන්ධන ලබා නොදීමටත් තීරණය කර ඇති බවයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්