
මංකිපොක්ස් රෝගය එංගලන්තයේ එකිනෙකා අතර බෝවෙමින් තිබෙන බවට වන සාක්ෂි හමුවී තිබෙන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සඳහන් කර තිබේ.
සමීප සම්බන්ධතා පැවැත්වීම තුළින් මෙම වෛරසය එක් අයෙක්ගෙන් තවත් අයෙකුට සම්ප්‍රේශනය වන අතර වෛරස් රෝගයක් වන එය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ වසංගතයක් ලෙස පැතිරයමින් ඇත. එසේම මැයි මාසයේ මුල් දිනවල වෙනත් රටවල් කිහිපයකින් මංකිපොක්ස් ආසාදිතයින් හමුව ඇත.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මේ වනවිට අප්‍රිකානු රටවල්වලට අමතරව වෙනත් රටවල් 30කින් පමණ ආසාදිතයින් 550 දෙනෙක් හඳුනාගෙන තිබෙන බවයි.
වදුරන්ගෙන් බෝ වන අමුතු වෛරසය සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ දැඩි අවදානය – https://bit.ly/3zdmar0