යාපනය දිස්ත්‍රික්කය තුළින් ඊයේ (25) දිනය තුළින් පමණක් කොවිඩ් ආසාදිතයින් 80 දෙනකු වාර්තා වි ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ යාපනය මහ නගර සභා සීමාව තුළින් 77 දෙනෙකු වාර්තාවි ඇති බවයි.

පසුගිය සතියක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කය තුළින් රෝගීන් අධික ලෙස වාර්තාවීම හේතුවෙන් යාපනය මහ නගර සීමාවේ කොටසක් වසා දැමීමට දිස්ත්‍රික්ක කොවිඩ් මර්දන කමිටුව ඊයේ (25) සවස තීරණය කොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ.

යාපනය පොළ භූමිය,යාපනය තිරුනෙල්වේලි පොළ භූමිය හා යාපනය නගරයේ ආසාදිතයින් හමුවු වෙළඳ ව්‍යාපාරික ස්ථාන මීට පෙර වසා දමා තිබෙනවා.

යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ, යාපනය කොටුව සීමාව, යාපනය කන්කසන්තුරය මාර්ගයේ කොටසක් ඇතුළු සීමාවක් තාවකාලිකව වසා දැමීමට ඊයේ (25) සවස රැස්වු දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ.

යාපනය නගරයේ පාසල් දරුවන් කිහිපදෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බැවින් අදාළ දරුවන්ගේ ආශ්‍රිත දරුවන්ද පි.සි.ආර්.පරීක්ෂාවන් වෙනුවෙන් යොමුකොට ඇති අතර, ඔවුනට නිරෝධායනය වන ලෙසටද දැනුම්දී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා.

මෙන්න බලන්න තවත් පුවත්