දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය දිනවල 10කට පමණ සීමා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, මේ වන විට 25 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පෙරේදා දිනයේදී (15) කොවිඩ් ආසාදිත මරණයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අදාල පුද්ගලයා වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයකු බව වාර්තා වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්