රංගන ලෝකය තුළ එක්තරා ටෙලි නාට්‍යයක් හරහා බොහෝ දෙනෙක්ගේ හදවතේ ලැගුම් ගත්තු සුරූපී රංගන ශිල්පීන් දෙදෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ. ඉතින් මෙහෙම කිව්වහම  ගොඩක් දෙනෙක් දන්නවා මොකක්ද මේ ටෙලිනාට්‍ය කියලා. නෙහාරා සහ මේනක රංගනයෙන් දායක වූ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය තමයි මේ අපූරු නිර්මාණය. ඒ නිර්මාණය හරහා ආදරණීයයන් ගේ හදවතේ ලැගුම් ගත්ත නෙහාරා සහ මේනකට අදටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා.

ඉතින් නෙහාරා සහ මේනකට කලාව තුළින් ඉදිරියට යන්න නිරන්තරයෙන්ම වාසනාව ලැබුනා. ඒ වගේම ලස්සන නිර්මාණ රැසකටම ඔවුන්ට  රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. මේ විදියට මේ දෙන්නම කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ගත කරපු ඒ කාලෙට විවේකයක් දෙන්න ඕනේ කියලා හිතලා ටික කාලයක් විදෙස් ගත වෙන්න තීරණය කළා.

ඒ විදිහට විදෙස් ගත වුණු කාල වකවානුව තුළදී මේනක තමන්ගේ අධ්‍යාපනික වැඩ වැඩකටයුතු සර්ව සම්පූර්ණ කළා කියලත් ආරංචි වුණා. ඊටත් පස්සේ ටික ටික කාලෙකින් ආයෙත් නැවත ලංකාවට ඔවුන් දෙන්නා එනවා. ඒ අතරතුර කාලසීමාව තුළදී ඔවුන් දෙදෙනාම උතුම් දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාව ලැබුනා.

ඒ සියලුම දේවල් එක්ක පසුගිය කාලේ නවත්තලා තිබුණු කලා කටයුතු නෙහාරා සහ මේනකගේ නැවත් වතාවක් ආරම්භ කළා. රංගන ශිල්පියෙක් විදියට කලා ලෝකයට එන මේනක පසු ගිය කාල සීමාව තුළදී දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වශයෙනුත් නාට්‍ය අධ්‍යක්ෂණයෙන් කලාවට අවතීර්ණ වුණා. ඉතින් ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු ගුග්ලි ටෙලි නාට්‍යය අද වෙද්දි බොහෝ දෙනෙක්ගේ ආදරය ඔස්සේ විකාශය වෙනවා. මේ ටෙලිනාට්‍යයට මේනකගේ ආදරණීය බිරිඳ වන නෙහාරාත් රංගනයෙන් දායක වුණා.

ඉතින් සාමාන්‍යයෙන් නෙහාරා සහ මේනක්  කියන්නේ බොහොම ආදරෙන් කාලය ගත කරන දෙන්නෙක්. එනිසාම දෙන්නට දෙන්නා කතාබහ කරන විදිහත් වෙනස්. ඉතින් කොයි තරම් සෙනග හිටියත් මේනක නෙහාරා ට කතා කරන්න ඕනේ  විදිහක් තියෙනවලු. ඒ සම්බන්ධයෙන් නෙහාරා ප්‍රසිද්ධ වැඩසටහනක් අතරතුරදී කිව්වේ මේ වගේ අදහසක්.

“මම මේනකගේ හදවතට තමයි කැමතියි.පෙනුමෙන් අපි හැමෝම වෙනස්. පෙනුමට නෙවෙයි මම හදවතට කැමති වුනේ. ඉතින් සෙට් එකේ කොහේ හිටියත් එයා මට වෙනදත් ගෙදරට කතා කරන විදිහට බේබි කියලා කතා කරන්න ඕනේ.නෙහාරා කිව්වට මං ප්‍රතිචාරයක් දක්වන්නෑ.එක දවසක් පිට්ටනියෙදි නෙහාරා නෙහාරා කියලා මට කතා කරනවා. ඉතින් මං ඇහෙන්නේ නැති ගානට හිටියා. මොකද අනිත් අය දන්නෙ නෑනෙ මේ කතාව. මම ඉතිං ඇහෙන් නෑ වගේ අහක බලාගෙන ඉන්නවා”

නෙහාරා ඒ විදිහට තමයි ඇය සහ මේනක ගතකරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ. ඉතින් තවත් බොහෝ කාලයක් මේ දෙන්නාට ඉතාමත් ආදරයෙන් කාලය ගත කරන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්