ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රුසියානු තානාපති යූරි මැටේරි (Yury Materiy) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම හමුවේදී ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ගෙන ඇත.

තවද තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම සහ සංචාරක කර්මාන්තය පිළිබඳවද සාකච්ඡාවට ලක්කර ඇත.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද දහවල් මෙම සාකච්ඡාව සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර 2022 වසර වනවිට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සඳහා වසර 65ක් සපිරෙයි.

මෙන්න බලන්න තවත් පුවත්