මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස එරික් පෙරේරා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසයි.

කෙසේවෙතත් ඔහුගේ සේවය දෝෂදර්ශණයට ලක් කරමින් ස්ථාන මාරු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීම් කර තිබු බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශයට මාරුකර යැවීමෙන් පසුව මෙලෙස මිගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් පත් කොට ඇති බව සඳහන්.

මෙන්න බලන්න තවත් පුවත්