
මහ බැංකු අධිපති වශයෙන් දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙත දැනුම් දීමක් කර ඇත.
අගමැතිවරයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ඇමැති විෂය පතයන් ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටය.
දැනට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම මස අගදී අවසන් වීමට නියමිත බව පැවසේ. දිනේෂ් වීරක්කොඩි අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා ලෙස කටයුතු කර ඇත. එසේම කලක් බැංකුවල සභාපතිවරයකු ලෙසද කටයුතු කර ඇත.
නන්දලාල් වීරසිංහ මහතා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති බව කතාබහට ලක්ව ඇති කරුණකි. කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට එය ප්‍රතික්ෂේප කර තිබේ.