ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 4 වැනිදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද තවදුරටත් දීර්ඝ කොට තිබේ.

මේ අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව රට හැර නොයන බවට නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රතිඥාවක් ලබා දී තිබෙන අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විනිසුරු විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් අගෝස්තු මස 3 වැනිදා විභාගයට ගැනීමට අවසර දෙන ලෙසට නියම කොට තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්