මහින්ද රාජපක්ෂ වහාම අත්තඩංගුවට ගත යුතුයි – නීතිඥ ගුණරත්න වන්නිනායක
ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

එසේම ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් එම ප්‍රහාරයට ආධාර අනුබල දුන් සියලුම දෙනාට නීත්‍යානූකූලව කටයුතු කළ යුතු බවයි නීතිඥ ගුණරත්න වන්නිනායක වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මේ බව සඳහන් කළා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්