පසුගිය දින ගෝටා ගෝ ගම සහ  මයිනා ගෝ ගම යන අරගලවලට ප@හරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින්, අ@# පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමකට අනුව මෙම විදේශ ගමන් තහනම් නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහඳගම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වෙයි.

ඊට අමතරව මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

 

මෙන්න බලන්න තවත් පුවත්