හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය ලබන 28 වනදා දක්වා බලපැවැත්වෙන බව සදහන් වේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශන සිදුකරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදී තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්