බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් ඇදවැටී මියගිය 15 හැවිරිදි දරුවාගේ ශරීරයේ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රාහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවා.

අදාළ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුකෙරුණා.

මරණය සිදුවූ දින දරුවා නිවසට පැමිණෙන අවස්ථාවේ මව්පියන් නිවසේ සිට නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුගිය 28 වන සිකුරාදා දින දහවල් 2.30ට පමණ මෙම දරුවා පාසල නිමවී තමන නිවසට පැමිණ ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

එහිදී දරුවා විසින් දුරකථන ඇමතුමක් ගෙන සිය මවට ප්‍රකාශ කර ඇත්තේ එදින පැවැත්වීමට නියමිත උපකාරක පන්ති නොපැවැත්වෙන බවයි. එම අවස්ථාවේ දරුවාගේ මව විසින්, ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටින බවත් එම නිවසට පැමිණෙන ලෙසත් දුරකතනයෙන් දැනුම් දී ඇත.

එදින පස්වරුවේ එම මහල් නිවාස සංකීර්ණයේම දෙවන මහලේ පදිංචි අයෙකු විසින් විශාල ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී බිම වැටී සිටි දරුවා දැක ඇති බව පොලිසිය සඳහන් කර සිටියේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ සාක්ෂි මත පදනම් තවදුරටත් විමර්ශන කරන බවයි.

බම්බලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

මෙන්න බලන්න තවත් පුවත්