කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 7 වෙනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 87 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඇති වු සිත් වේදනාවක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මෙන්න බලන්න තවත් පුවත්