සිය පවුලේ පිරිස සමග දිය නෑමට ගිය 16 හැවිරිදි පිරිමි දරුවකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අදාළ ඛෙදවාචකයට මුහුණපා ඇති දරුවා’ ඊයේ (14) සවස් කාලයේ මහියංගනය පොලිස් වසමේ මහවැලි ගඟේ පාලම අසල මෙම පිරිස සමග දියනෑමට ගොස් ඇත. අනතුරුව ඔහු ගිලී අතුරුදන්ව ඇත.

මෙලෙස දියේ ගිලි ඇත්තේ’ වංගු 07, නිලදණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි හෂාන් නැමති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවෙකි. පොලීසිය සහ නාවික හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ කටයුතුවල මේ වන විට නිරතව වෙයි.

මහියංගනය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

මෙන්න බලන්න තවත් පුවත්